මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1469ක් දක්වා ඉහළට

Share

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(27) දිනයේ වාර්තා වී තිබේ.

 

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු ද වෙයි.

ආසාදිතයින් 732 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 727 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News