අද නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය

Share

අද(30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

මේ අතර, හෙට(31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි.

Read more

Local News