පසුගිය මාර්තු මස 20 වන දින සවස 6.00 සිට අද(30) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුවට පත්ව තිබේ.
එම කාලය තුළ අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 18,831 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මේ අතර ඊයේ(29) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ලගයින් 173ක් වාහන 53ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාර්තු 18 වන දින සිට අද දක්වා නඩු 23,307 ක් පවරා ඇත.
නඩු පැවරීම්වලට අදාළව දඬුවම් නියම කිරීම් 9494 ක් සිදු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.