විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ‍වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

Share

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

 

මේ අතර මැයි මස 17 වන දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය.

මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇතැයි ඔවුන් පවසයි.

Read more

Local News