නිදන් සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

Share

පුල්මුඩේ පොලිස් වසමේ වැලිඇල, මහසෙන්පුර ප්‍රදේශයේ දී නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(02) පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හා පුල්මුඩේ පොලිස් නිලධාරීන් හා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුවන් තිදෙනා කැණීම් සඳහා උපයෝගී කර ගත් උපරකරණ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 44 හා 49 ක් වන මහසෙන්පුර හා පදවිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(03) කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News