අද රාත්‍රී 10 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Share

අද(03) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව හෙට(04) සහ පොසොන් පොහොය යෙදෙන අනිද්දා(05) දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුළ ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

Read more

Local News