වැල්ලවාය වදිනහෙලයාය රක්ෂිතයේ ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංජලිගම, වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ඇති වූ ගින්නකින් අක්කර පහළොවකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

 

පස්වරුවේ හටගත් ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි නියං කාලගුණය සහ තද සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් රක්ෂිතයේ පැතිර ගොස් තිබේ.

පසුව මෙම ගින්න වැල්ලවාය වන සංරක්ෂණ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා පාලනය කර ඇත.

ඒ වන විට රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇතැයි වාර්තා වේ.

මෙම රක්ෂිතයට කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබන්නට ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් පවසන අතර ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේය.

Read more

Local News