අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

Share

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක අද (14) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අද උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 02, 03, 07, 08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

Read more

Local News