බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමට ද නාවික හමුදාව කටයුතු කර තිබේ
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 302 ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 86 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.



