පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු එක් පංති කාමරයක සිසුන් 25ක්

Share

පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු එක් පංති කාමරයක සිසුන් 25 දෙනෙකු බැගින් යොදවා අධ්‍යයන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

 

සමස්ත පාසල් අතරින් පංති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි අගයක පවතින පාසල් දහසක පමණක් මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් අදියර 4ක් යටතේ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කර තිබේ.

ඒ අනුව, ළමුන් පාසල් වෙත කැඳවීම ලබන මස 06 වන දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහිදී 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා උපදෙස් මේ වන විට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති බව අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර මහතා සඳහන් කළේය.

Read more

Local News