බොලිවුඩ් නළු සුශාන්ත් සින්ග් රාජ්පුත් මුම්බායිහි පිහිටි සිය නිවසේ දී සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට ඔහු 34 හැවිරිදි වියේ පසුවිය.
සුශාන්ත් සින්ග් සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව තනිව නිවසක වාසය කර ඇති අතර ඔහු පසුගිය දිනවල කිසියම් ගැටලුකාරී තත්ත්වයකින් පසුවී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.
ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි සුශාන්ත් සින්ග් පසුව චිත්‍රපට රංගනයට යොමු වීය.




