රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Share

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇත.

 

කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසිය.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (16) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News