තුන්මුල්ල රිය අනතුරෙන් මියගිය පොලිස් නිලධාරියා උසස් කරයි

Share

කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වැනිදා රාත්‍රී සිදු වු රිය අනතුරෙන් මිය ගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්, පොලිස් සැරයන් ධුරයට උසස් කර තිබේ.

 

පසුගිය 09 වැනි දා කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සඳහා මුදල් අයකැමි භාරයේ තිබූ රුපියල් ලක්ෂ 79කට ආසන්න මුදලක් කොල්ලකා පළායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික නිලධාරීන් වන මෙම මියගිය පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙකු කටයුතු කර තිබුණි.

එම ක්‍රියාව පොලිසියට කිර්ති ගෙන දුන් විශේෂ හපන්කමක් බව පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් අංක 2016/6 දරණ 2017.04.24  දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා නියෝග ඒ 5 හි iv වන කොටසෙහි විශේෂ උසස් කිරීම අනුව, සිතුම් යොමාල් නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ ස්ථිර කර 2020.06.14 දින සිට පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත යනුවෙන් පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News