ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් ගණන 16ක්

Share

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1905 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (15) දිනයේ හඳුනාගැණුනු නව රෝගීන් 16 දෙනාත් සමගය.

ඊයේ දිනයේ හදුනාගැණුනු රෝගීන් 16 දෙනා අතුරෙන් හය දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කුවේට්හි සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට, බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකුට සහ ලාහෝර් සිට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ දිනයේදි කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News