දිස්ත්‍රික් 05ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලය

Share

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික් 05ක ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදී ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

 

තවත් දිස්ත්‍රික් 04ක ඡන්ද පත්‍රිකා ඉදිරි දින දෙක තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට නියමිත බවයි මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, යාපනය සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

ඉතිරි දිස්ත්‍රික්වල ඡන්ද පත්‍රිකා ද කඩිනමින් මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට පියවර ගන්නා බව ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේය.

මේ අතර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අද(16) රැස් වේ.

Read more

Local News