විජේදාස රාජපක්ෂ සහ සුහද ගම්ලත් ජනාධිපති කොමිසමට කැඳවයි

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරුන්ට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

 

ඇවන්ගාඩ් සමාගම රජයට පවරා ගැනීමේදී පාඩු වූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහා ඔවුන්ට මෙම කැදවීම සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ අනුව හෙට (17) දිනයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින ලෙස විජේදාස රාජපක්ෂ මහතාට සහ සුහද ගම්ලත් මහතාට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති කොමිසම විසින් ඊයේ (15) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව ඔවුන්ට ද හෙට දිනයේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

Read more

Local News