පාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට අධ්‍යාපන හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් සහභාගි වීමට නියමිතය.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය මර්දනය සඳහා සෞඛ්‍යා අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදිමින් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව පාසැල් ආරම්භ කිරීමත් සමඟ කාර්යාල වේලාවන් හා පාසැල් ආරම්භ වන වේලාවන් අතර ද දුරස්ථභාවයක් පවත්වාගෙන යාම සම්බන්ධව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබුණි.
ඒ අනුව මෙම සාකච්ඡාවේ දී සමාජ දුරස්ථභාවය මෙන්ම පාසැල් හා රජයේ පුද්ගලික අංශයේ කාර්යාල හා ආයතන වැඩ පටන් ගන්නා වේලාවන් අතර ද දුරස්ථභාවයක් තබා ගැනීම සම්බන්ධව වධානය යොමු කෙරේ.
විශේෂයෙන් මාර්ග තදබදය අවම කර ගැනීමත් තවත් එක් අරමුණක් වන බැවින් ඒ සම්බන්ධව ප්‍රවාහන සේවා අමාත්‍යාංශය වැඩ පිළිවෙළ කිහිපයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.



