කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් ප්‍රහාරයක්

Share

රක්ෂිත බන්ධනාගාරගත, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේ ඔහුගේ නිවස අසලදී පුද්ගලයින් තිදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට අද පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි නිවස අසලදී මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.

සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.

පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News