සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන් ඔන්ලයින් ඔස්සේ

Share

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල සටහන් මාර්ග ගත (Online Results Schedule) ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සතත් පූජිත මහතා පවසයි.

 

ඒ අනුව, http://onlineexams.gov.lk/onlineapps/index.php/results වෙබ් අඩවිය වෙත පිවිස, ප්‍රතිඵල සටහන බාගත කර ගැත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුන් පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේ දී එම ප්‍රතිඵල සටහන (Online Results Schedule) ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Read more

Local News