හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

Share

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 595ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 33ක් වූ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ 19 වන පටුමඟ, ස්ටේස් පාර, කොළඹ 14 යන ලිපිනයේ පදිංචිකාරිනියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකාරිය අද (19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News