බස් රථ මගීන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක්

Share

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන්ගන්නා මගීන්ගේ පහසුව සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Passenger App) හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.

 

ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා මෙම යෙදවුම උපකාරී වෙතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

මගී ප්‍රවාහණ සේවා කඩිනම් කිරීම හා විදිමත් කිරීම සඳහාත් ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ් වනවිටත් පවතින ස්ථානය හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබෙන අතර එම යෙදවුම ජනතාවට හඳුන්වාදීම ලබන සතියේ දී සිදු කිරීමට නියමිතය.

Read more

Local News