දක්ෂිණ අධිවේගයේ වාහන 3ක් එකිනෙක ගැටී අනතුරක්

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව – පින්නදුව අතර ප්‍රදේශයේදී රථ වාහන 3ක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථ දෙකක් සහ කැබ් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මාතර සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක පිටුපස ගැටී එම මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ තවත් කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News