අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

Share

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති අය සමඟ දුරකථනයෙන් සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වූ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හංවැල්ල, ජල්තර, රණාල යන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තනිපුල්ලි ආරච්චිගේ දොන් ලකිත රවිශාන් ජයතිලක නොහොක් පුයිටා නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු බව වාර්තා වේ.

එහිදී ඔහු ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති සැකකරු සමඟ දුරකතන අංකය කිහිපයක් ඔස්සේ සම්බන්ධ වෙමින් ජනතාවනේ අධික ලෙස කප්පම් ලබා ගැනිම සහ නීති විරෝධි ක්‍රියා සිදු කිරීමට කටයුතු කර තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා හංවැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇති බව විශේෂ කාර්යය බලකාය පැවසීය.

Read more

Local News