කොරෝනා ආසාදිතයින් හඳුනා ගන්න කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජංගම දුරකතන යෙදවුමක්

Share

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

 

එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසිය.

එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News