හෙරොයින් සමඟ කාන්තාවක් ගම්පොල දී අත්අඩංගුවට

Share

ගම්පොල පොලිස් වසමේ ගම්පොල නගරයේ දී හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 440ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යං‍ශය විසින් සිදු කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44ක් වු ගම්පොල ප්‍රදේශයේම පදිංචිකාරියකි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පොල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News