ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ(20) උදෑසන 6.00 සිට අද(21) පෙරවරු 5.00 දක්වා කාලය තුළ වැටලීම් සිදුකර ඇත.

එහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 133ක්, ගංජා ළඟ තබාගත් 92ක්, අයිස් මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් 121 දෙනෙකු සහ ගෝඩා ළඟ තබාගත් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

Read more

Local News