බෙලිඅත්ත – කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට මේ වන විටත් සියලු සැලසුම් සකස් කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම වසර තුළ බෙලිඅත්ත – කතරගම දුම්රිය මාර්ගයේ සැළකිය යුතු වැඩ කොටසක් අවසන් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



