ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Share

වැල්ලවාය පොලිස් වසමට අයත් ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇත.

 

මියගිය තරුණයා සහ තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (21) විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබේ.

එම තරුණයා තවත් කිහිපදෙනක් සමග දිය නෑමට ඇල්ල අසළ වළකට ගොස් ඇති අතර එහිදී ඔහු එක වරම ජලයේ ගිලී ඇති බව වාර්තා වෙයි.

පසුව ඔහුව ගොඩට ගෙන වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බව වැල්ලවාය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ එම්.සී.නිවාසය, බඹරකැලේ, නුවරඑළිය ලිපිනයේ පදිංචි 20 හැවිරිදි තම්බිදොරෙයි රජීවන් නැමැති තරුණයෙක් බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News