කෑගල්ල-රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අසළදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 527ක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
කෑගල්ල සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු සහ 50 හැවිරිදි සැකකාරිය වල්ගම පාර, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ඔවුන් අද(22) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.



