අද කාලගුණය

Share

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

ඌව පළාතේ තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත් දකුණු පළාතෙත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Read more

Local News