කොරෝනා නිසා වසා දැමුණු වැලිසර නාවික කඳවුර අද සිට විවෘත වෙයි

Share

මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු වැලිසර නාවික හමුදා කඳවුර අද (23) සිට විවෘත කරයි.

 

ඒ අනුව අදියර කිහිපයක් යටතේ අද දිනයේ සිට වැලිසර නාවික හමුදා කඳවුර විවෘත කිරීමට තීරණය කර තිබෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ.

නාවික හමුදා සාමාජිකයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 27 වන දින සිට වැලිසර නාවික හමුදා කඳවුර වසා දැමිය.

Read more

Local News