අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගල්කිස්ස අධිකරණය ආසන්න ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන ඇත.
දිනුම් ඇදීමකින් මූල්‍ය ත්‍යාග හිමි වී ඇති බව පවසමින් සැකකාර විදෙස් ජාතිකයින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් අතර නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතිකයෙකු වන අතර, ඔවුන් සතුව තිබී ක්‍රෙඩිට් කාඩ්පත් 15 ක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.



