නොසැලකිල්ලෙන් කටයුතු කළහොත් කොවිඩ් නැවත පැතිර යා හැකියි – ජනපති

Share

කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News