අහංගම පොලිස් වසමේ ගාල්ල-මාතර ප්රධාන මාර්ගයේ අහංගම, කන්දපාලම අසළ දී අද (24) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී සිදුවු මෙම අනතුරින් පැදිකරු මියගොස් තිබේ.
මරණයට පත්ව ඇත්තේ අවුරුදු 30ක් වු දෙයියන්දර සූරියවැව ප්රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකි.
අහංගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



