කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 169 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් රැගත් ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානය මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණි බව සඳහන්.
මෙම ශ්රී ලාංකිකයින් පිරිස ගුවන් තොටුපල පරිශ්රයේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇත.



