කරුණා අම්මාන් පැය 7කට පසු CIDයෙන් පිටව යයි

Share

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබේ.

 

අද (25) පෙරවරු 10.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය 7ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටත්ව ගොස් ඇත.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.

නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබුණි.

Read more

Local News