ඉන්දීය නාවිකයින් 54 දෙනෙකු දිවයිනෙන් පිටවෙයි

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය නාවිකයින් 54 දෙනෙකු යළි ඉන්දියාව වෙත පිටත්ව ගොස් තිබේ.

 

මත්තල ගුවන්තොටුපලේ සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (27) පස්වරුවේ ඔවුන් පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසීය.

අදාල නාවිකයින් පිරිස කොළඹ වරායේ සිට හම්බන්තොට ප්‍රදේශයට රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.

මේ අතර ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානය මෙරටට පැමිණිමේ දී ඉන්දීයාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික මගියෙකු ද දිවයිනට රැගෙනවිත් තිබේ.

Exit mobile version