කොවිඩ් ආසාදිතයින් ගණන 2037ක් දක්වා ඉහළට

Share

මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2037 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනා ද සමගයි.

බංග්ලාදේශයේ සිට පැමිණ වස්කකඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙක් අවසන් ආසාදිතයා වශයෙන් හඳුනා ගෙන ඇත.

සෙසු ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු, පාකිස්ථානයේ සිට පැමිණ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙකු සහ ඉන්දීයාවේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථායේ රැඳි සිටින පුද්ගලයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

Read more

Local News