පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන අමාත්‍යාංශය

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම ලබන සඳුදා (06) දිනයෙන් ආරම්භ වන අතර පළමු අදියරේදී 5, 11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවේ.

පසුගිය සතිය තුළ දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News