රුපියල් කෝටි 11ක මුදල් වංචාවලට සම්බන්ධ 57ක් අත්අඩංගුවට

රුපියල් කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට ගෙන ඇත.‍‍

 

බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශවලින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින බව සඳහන්.

ඔවුන් මුදල් වංචා කිරීම්, මුදල් විශ්වාසය කඩ කිරීම්, කූඨ ලේඛන සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70කට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

Exit mobile version