වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.
මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතී.
මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.



