නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 11 දෙනෙක් පමණි.