තාත්තාට පුළුවන් නම් පුතාටත් පුළුවන් – සජිත්

කවුරු කුමන විවේචන සිදුකළ ද, සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව ලබාදීම තම රජයක් යටතේ සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (09) පන්නල පැවති ජනහමුවක් අමතමිනි.

සුළු හා මධ්‍යම පාන්තිකයින්ගේ සිට දෛනික වැටුප් ලබන පුද්ගලයින් දක්වා සියලු දෙනාට එම දීමනාව ආර්ථිකය ගොඩනැඟෙන තෙක් ලබාදිය යුතු බව ද ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

නමුත් තමන්ගේ යෝජනාවට අද වනවිට අමුතුම සන්ධානයක් එකතු වී මඩ ප්‍රහාර එල්ල කරන බව ද පැවසු ඒ මහතා, මහජනතාවට යමක් ලබා දෙන බව පැවසු විට සියලු දෙනා ප්‍රශ්න කරන බව ද කියා සිටියේය.

තමන්ගේ පියා රට තුළ යුද්ධයක් පවතින කාලයක දී පවා නිල ඇඳුම්, දිවා ආහාර  ලබා දුන් බව පැවසු සජිත් ප්‍රේමදාස මහතා, “තාත්තාට පුළුවන් නම් පුතාටත් පුළුවන්“ යනුවෙන් පැවසීය.

Exit mobile version