වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීයෙකු වන ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා නිදොස් කොට නිදහස් කර තිබේ.

 

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තාට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව දන්වා සිටියේය.

Exit mobile version