අද (20) උදෑසන නුගේගොඩ ගුවන් පාලම මත දී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂය ට පත්ව ඇත.
අනතුරින් තවත් හමුදා සෙබලුන් දෙදෙනෙකු තුවාල ඇති බව සඳහන්.
කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.
යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළා අනතුරින් මියගොස් තිබේ.



