රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එම රත්‍රං තොගය රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, ග්‍රෑම් 100 කැබලි 120 ක් ලෙස ඒවා අසුරා තිබිණි. රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන්, රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව ඇතුළු අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පලාත් රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News