ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද(28) පස්වරු 2.00 සිට හෙට(29) අලුයම 2.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හබරාදුව, අක්මීමණ, හපුගල, අහංගම, බෝපෙ,පොද්දල, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.
මහගාල්ල මන්දඋදාරක පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.



