නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් මුහුදු මාර්ගයෙන් කොවිඩ් 19 ආසාදිතයින් මෙරටට සංක්‍රමණය වීම මෙන්ම වෙරළ තීරය ඔස්සේ සිදු කරනු ලබන නීති වීරෝධි ක්‍රියා මැඩ පැවත්විම සම්බන්දයෙන් වීශේෂ අවධානය යොමුකර මුර සංචාර සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරුමැද නාවික විධානය විසින් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී කිසියම් ද්‍රව්‍යයක් සැක සහිත ලෙස අසුරන ලද ගෝනි කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී එම ගෝනි උර තුල අසුරන ලද වියලි කහ තොගයක් සොයා ගෙන ඇත.
කිලෝග්‍රෑම් 999 ග්‍රෑම් 500ක බරින් යුත් එම වියලි කහ තොගය මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙන විත් ඇති බවට අණාවරණය වූ බැවින් එම වියලි කහ තොගය සහ සැකකරු නාවික හමුදා භාරයට ගන්නා ලදි.
නාවික හමුදා භාරයට ගත් එම කහ තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කල අතර, පවතින කොවිඩ් 19 අවධානම් තත්වය මත අදාල සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කර තිබේ.



