ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනි වික්‍රමසිංහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.



