අංගොඩ ලොක්කාගේ උකුස්සා අධිකරණයට ඉදිරිපත් කරයි

Share

මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී ඊයේ(30) දින සොයාගනු ලැබූ උකුස්සා අද(31) දිනයේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන මෙම උකුස්සා අතුරුගිරිය පොලීසිය විසින් ඊයේ සොයාගනු ලැබීය‍.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී ‍එම උකුස්සා සොයා ගැනිණි.

Read more

Local News